
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත.
තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනාගෙන් තිදෙනෙකු සමග දුරකතන ඔස්සේ තමන් සම්බන්ධ වූ බවත් ඔවුන් ආරක්ෂිතව, සුවය ලබමින් සිටින බව එම තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගෙන්ම දැනගන්නට ලැබීම සතුටට කරුණක් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත. අනෙක් ශ්‍රී ලාංකිකයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවත් ඔහුද සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණු බව හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd